සුළං සැරට සල්ලාල,
වසාගති ඔබ සිරුර.....
අනෝරා වැහි වැටෙන වෙලේ ,
හෙවනක ගුලි වී සිටින.....
.....................
නිවී ගියා එළිය,
අකුණු හඬට බයවුන....
වෙන්කලා ඔබත් මමත්,
ඇවිදින් ඝන අඳුර.....
..................
සරාගී මනස,
ඔබේ මදහසින් තෙත්වුන,
සැරිසැරුව අඳුරේ,
ඉවක් බවක් නොදැන........
..............
අයෙත් එළිය ආවම,
ඔබ හිටියෙ නෑ එතන,
"නිමිත්ත" හොල්මන් කලා,
ඔබ ගියත් සැඟවී අඳුරේම........
No comments:
Post a Comment