කලින් දැකල නැති,
ලස්සන ඇස් දෙකක්,
ලැජ්ජාවෙන් හිනාවුනා,
කම්මුල් පිරෙන්න.......
නැමුනා බිමට,
මුහුණ ඇගේ,
කාටවත් නෑහෙන්න,
මොනවදෝ කියන්න......
අතැඟිලි දිව්වා,
මූනට වැටිච්ච,
කෙහෙරැල්ල හදන්න.....
.............................
හදවත ගැහුන මගෙ.........
...............................
මොහොතක් හිතුන මට,
ඉඳුල් කටගාන්න,
අලුත් ආදරයක..........
........................
අනේ ඕන නෑ,
මෙහෙම හොඳයි.....................
No comments:
Post a Comment