පාවී යයි නිදැල්ලේ......

Saturday, November 5, 2011

" මනෝ.......... "

වාඩිවෙලා පාලු ගහක් යට,

කල්පනා කලා ඔයා ගැන,

පිළිතුරක් නෑ තාම,

මං එදා අහපු දේට.......

............................

සද්දයක් ඇහුන පිටිපස්සෙන්......

ලපටි ඇඟිලි තුඩු ,

ස්පර්ශ කලා මගෙ ඇහිපිලි,

රහසින් කෙදිරුව මට,

"මං ආදරෙයි ඔයාට " ........

ලියලන තණකොළ ගොල්ලෙ,

දිගා වුනා අපි,

"හැමදාමත් ආදරෙන් ඉම්මු "

ඔයා කිව්ව මට...

....................................

ඇස් පියවුනා එහෙම්මම.....

අත වැදුන ඇඳ ගැට්ටෙ,

දැනුන ඇතිරිල්ලක පහස,

මළානික ඉරු එළිය,

හිනාවුනා ඔලොක්කුවට.......

ඔයා තාමත් හීනයක් මට......

No comments:

Post a Comment