පාවී යයි නිදැල්ලේ......

Saturday, November 5, 2011

සාදය...................

පියවි නෙත් අඳුරු කල,
තැනක නන්නාදුනන,
සළෙල මිනිසුන් මැද,
මධුවිතෙන් තොල තෙමන සඳ........
අඟනුන්ද රඟ දෙති,
සිදුහතුන් නිගරු කල.......
...................................
පියානෝවක හඬ මැදින්,
ඇසුනි පද නැළවිල්ලක,
අම්මා ගැයූ ගීයක,
උකුලේ මා නළවන කල......
.................................
පුරා මා දෙනෙතට,
ඉනූ කඳුළු බෑ හංඟන්න,
නැතත් බොජුනෙහි මිරිස් සැර,
සූ සූ ගෑමි බොරුවට........

"නිමිත්ත"

සුළං සැරට සල්ලාල,

වසාගති ඔබ සිරුර.....

අනෝරා වැහි වැටෙන වෙලේ ,

හෙවනක ගුලි වී සිටින.....

.....................

නිවී ගියා එළිය,

අකුණු හඬට බයවුන....

වෙන්කලා ඔබත් මමත්,

ඇවිදින් ඝන අඳුර.....

..................

සරාගී මනස,

ඔබේ මදහසින් තෙත්වුන,

සැරිසැරුව අඳුරේ,

ඉවක් බවක් නොදැන........

..............

අයෙත් එළිය ආවම,

ඔබ හිටියෙ නෑ එතන,

"නිමිත්ත" හොල්මන් කලා,

ඔබ ගියත් සැඟවී අඳුරේම........

" මනෝ.......... "

වාඩිවෙලා පාලු ගහක් යට,

කල්පනා කලා ඔයා ගැන,

පිළිතුරක් නෑ තාම,

මං එදා අහපු දේට.......

............................

සද්දයක් ඇහුන පිටිපස්සෙන්......

ලපටි ඇඟිලි තුඩු ,

ස්පර්ශ කලා මගෙ ඇහිපිලි,

රහසින් කෙදිරුව මට,

"මං ආදරෙයි ඔයාට " ........

ලියලන තණකොළ ගොල්ලෙ,

දිගා වුනා අපි,

"හැමදාමත් ආදරෙන් ඉම්මු "

ඔයා කිව්ව මට...

....................................

ඇස් පියවුනා එහෙම්මම.....

අත වැදුන ඇඳ ගැට්ටෙ,

දැනුන ඇතිරිල්ලක පහස,

මළානික ඉරු එළිය,

හිනාවුනා ඔලොක්කුවට.......

ඔයා තාමත් හීනයක් මට......

"අනිත්‍යා"

දුහුවිලි බැඳුනු,

පොතක පිටු අතර,

තිබුනා ඔබ ලියූ,

ආදර වදන්........

හිතුනා වීසි කරන්න,

කෑලි කෑලි වලට ඉරල.......

මොකට අඬන්නද ? සිනාසෙන්නද ?

දිනෙයක පොළවේ ගැඹුරෙහි වැතිර,

දිරා යන බව දැන දැනත්.....

ඇට මස් ලේ වලින් හැදිච්ච මිනිස්සු අපි.....

ඇසුනා පිරිත් හඬක්....

පෙරලුනා ධම්මපදයේ පිටු ,

" තන්හාය ජායතී සෝකෝ " ...

....................................

"අනිත්‍යා"

...................

ඔබ කියාදුනි ජීවිතය....

" මෙහෙම හොඳයි "

කලින් දැකල නැති,
ලස්සන ඇස් දෙකක්,
ලැජ්ජාවෙන් හිනාවුනා,
කම්මුල් පිරෙන්න.......
නැමුනා බිමට,
මුහුණ ඇගේ,
කාටවත් නෑහෙන්න,
මොනවදෝ කියන්න......
අතැඟිලි දිව්වා,
මූනට වැටිච්ච,
කෙහෙරැල්ල හදන්න.....
.............................
හදවත ගැහුන මගෙ.........
...............................
මොහොතක් හිතුන මට,
ඉඳුල් කටගාන්න,
අලුත් ආදරයක..........
........................
අනේ ඕන නෑ,
මෙහෙම හොඳයි.....................

සොයුර......

අතපතගෑ ම සිරුර,

නෙත් අඳ සොයුර,

ඇසුවා විමතියෙන්,

" මේ ඔබ කවුද? "

ගොලුවිය දෙතොල්,

පිළිතුරු නොදැන......

ඔබ මෙන් මමත්,

මිනිසෙකි තවත් ,

සසර සැරිසරන.......